
මතුගම නගරයේ පාර හරහා මාරුවීමට ඉදිකළ නව උමං මාර්ගය කුඩා දරුවකු අතින් ඊයේ විවෘත විය.
මේ සඳහා කිසිදු දේශපාලකයෙකු හෝ ප්‍රභූන් යයි කියන අයෙකු සම්බන්ධ නොවීය.
එම උමං මාර්ගය විවෘත කිරීමට පීත්ත පටිය කැපූ කුඩා දරුවා එය කපා මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළ අතර රැස්ව සිටි සාමාන්‍ය ජනතාව එතැන් සිට උමං මග පරිහරණය අරඹා තිබුණි.
අයෙකු පෙන්වා දුන්නේ මහජනතාවගේ බදු මුදලින් ගොඩනගන ව්‍යාපෘති විවෘත කිරීම සදහා මැතිඇමැතිවරු ගෙන්වීම අනවශ්‍ය බවය. ‘අතිගරු නෑ! ගරු නෑ! ප්‍රභූවරු නෑ! VIPලා නෑ! අපේ බදු මුදලින් හැදුවනම් ඒව අයිති අපටයි‘ ඔහු කීය. මෙම ආදර්ශය රට පුරා ගෙන යන ලෙසද ඔහු ඉල්ලීය.
Comments
Post a Comment
Your comment will be visible after approval