ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව මහජන නැගිටීම් උත්සන්නවී ඇති වාතාවරණය තුළ දේශපාලන වශයෙන් පත්ව ඇති අස්ථාවරත්වය රට තවදුරටත් අගාධය කරා ගෙන යමින් පවතී.
මිරිහාන සිදුවීමෙන් පසු අප්‍රෙල් 1 වනදා ඇදිරි නීතිය දැමීම්, කැබිනට් මණ්ඩලය 4 කට සීමා කිරීම හා පසුව එය 17 දක්වා වැඩි කිරීම වැනි විවිධ දේශපාලන තීන්දු ලබාගෙන තිබුණත් තවදුරටත් අස්ථාවරත්වය වෙනස්ව නැත.
පාර්ලිමේන්තුවේද රටේ ප්‍රශ්න ගැන තීරණාත්මක සාකච්ඡා සිදු නොවන තැනට වැඩ සිද්ධවී ඇත.
වාර්තාවන ආකාරයට අවසන් කැබිනට් රැස්වීම පවත්වා ඇත්තේ මීට මසකට පමණ පෙර මාර්තු 28 දිනයි.
මේ අනුව රටේ සිදුවන වැඩකටයුතු සදහා වගකිමෙන් පාලකයෙකු මැදිහත් නොවන පසුබිමක් මේ වනවිට නිර්මාණයවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval