
කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28) පස්වරුවේ ඇද වැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හීනටියන්ගල,කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.
භූමිතෙල් ලබා ගැනීම සඳහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැඳී සිටි ඔහු අද පස්වරු 2.00 ට පමණ ඇද වැටී ඇති අතර 1990 ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබෙයි.
මෙම පුද්ගලයා රෝහල රැගෙන එන අතරමගදී මියගොස් ඇති බවට වෛද්‍යවරු දැනුම් දී ඇති බව පොලිසිය සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval