maithri-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් නව තීන්දු තීරණ ගැන මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුනා.





" තීන්දු තීරණ විදියට අපි කථානායකතුමාට බාර දුන්නානේ අපි ස්වාධීන වුන කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සංශෝධයක් කරන්න..ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කලා..අපි යෝජනා කර තිබෙන්නේ විසිවැනි සංශෝධනය අහෝසි කරලා 19 සංශෝධිත සහිතව ගෙන්න කියලා.එත් එකක්ම අන්තර්වාර පාලන මණ්ඩලයට විශේෂයෙන්ම පත් කර ගන්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් පත් කරගන්නයි අවශ්‍ය වන්නේ. මේ රටේ තරුණ පිරිස් කරගෙන යන අරගලයට  අපේ අශිර්වාදය සහ සහයෝගය තිබෙනවා. අපිත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදියට මැයි 1 වැනිදා දීප ව්‍යාප්ත වැඩසටන් රාශියක් කරන්න හිතාගෙන ඉන්නවා.රටේ ජනතාවගේ හඬට ආණ්ඩුව කන්දිය යුතුයි. එයින් තමයි අද මේ තිබෙන සියළු අර්බුදයන් විසඳගන්නට පුළුවන් වෙන්නේ.



අපි අන්තර්වාර පාලනයට අලුත් අගමැති කෙනෙක් යෝජනා කරලා තියෙන්නේ.ඒ කවුද කියලා පාර්ලිමේන්තුවේ පක්ෂ වලින් සකච්ඡා කරලා තමයි තෝරාගන්නේ.. හැබැයි මගේ නම යෝජනා වෙයි කියලා මට බලාපොරොත්තුවක් නැහැ. "