
අගමැති කාර්යාලය පිහිටා ඇති ස්ථානයේ මේ වනවිට විරෝධතාකරුවන් ස්ථිර වාසස්ථානයක් කරගෙන එය මයිනාගෝගම නමින් නම් කර දිවා රාත්‍රී විරෝධතාවන් සිදු කරන අතරවාරයේ එයට විවිධ බාධක පැනනැගී තිබේ. එක් බාධාවක් වූයේ පොලිස් ට්‍රක් රථ මාර්ගයේ පදික වේදිකා අවහිර කර විරෝධතාකරුවන්ට ඉන්නට තැනක් නැති කිරීමයි. තවත් බාධාවක් වූයේ ට්‍රක් රථ ආපස්සට පදවා විරෝධතාකරුවන්ට මරණ බය ඇති කිරීමයි.
අද දින වාර්තාවන අලුත්ම බාධාව නම් විරෝධතාකරුවන් රජයට එරෙහිව ගෙන යන ශබ්ද යටපත් කරමින් අරලිය මැදුරේ අභ්‍යන්තරයේ සිට පිරිත් දේශනා ප්‍රචාරය කිරීමයි.
මෙම පිරිත් දේශනා ලවුඩ්ස්පීකර භාවිතයෙන් දැඩි ශබ්දයක් ජනිත කරමින් විරෝධතා ස්ථානය ඉලක්ක කර මන්දිරය ඇතුළේ තාප්පයක් අයිනේ සිට විකාශය කරන අතර නොනවත්වා ධාවනය වේ. මේ හේතුවෙන් විරෝධතා සටන් පාඨ වෙනත් අයට නෑසෙන ලෙස යටපත් කරවා ඇත.
එම පිරිත් දෙසුමේ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval