mahinda-resign-rejection

ඊයේ දිනයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා සංසදයේ රැස්වීම අමතමින්  සිදු කළ ප්‍රකාශය මෙසේය.


'' රට හමුවේ ඉතා තීරණාත්මක කාලයක් ගෙවමින් තියෙද්දි තමයි අද අපි හමුවෙන්නේ...අපි දන්නවා රටත් ජනතාවත් මොනතරම් දුෂ්කරතා වලට මුහුණ දෙනවද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නෑ...අපි සියලු දෙනා දන්නවා ඒක..අපි මේ රජය වශයෙන් දිවා රෑ වෙහෙසෙන්නේ මේ රටේ තියෙන අභියෝග ජයගන්න...රටතුල ආර්ථික අර්බුදයක් තිබෙන බව රහසක් නෙවෙයිනේ...දශක ගණනාවක් ණය මත ගෙනගිය ආර්ථිකය අද එක්තරා සීමාවකට පැමිණ තිබෙනවා..ඉන්ධන, ගෑස් ,

විදුලිය, ඖෂධ අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින දිගු පෝලිම් ක්‍රමයට මිනිස්සුන්ට උත්තර දෙන්න වෙලා තියෙනවා..ඒක අපි වහාම නතර කරන්න ඕන ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවල දැනටමත් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා,ක්‍රියාත්මක කරමින් සිටිනවා...උද්ගතවෙලා තියෙන තත්වය අපි එකින් එක විසඳමිනුයි යන්නේ කියලා ඔබ දන්නවා...ජත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත්වෙලා තියෙනවා....අපි පහුගිය දවස් වල චීනයේ අගමැතිතුමට කතා කලා වෙනත් රටවල් වලඅගමැතිවරුන්ට කතා කලා,ඔවුන්ගේ සහයෝගය අපිට දෙනවා කියලා පොරොන්දු වෙලා තියනවා...මේ ගොඩක් ප්‍රශ්ණ කෙටිකාලයක් තුල විසඳන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා..අපිට මේ තත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා...ඒ නිසා ඔබ අප ගැන විශ්වාසය තියලා රට තුල අප සමඟ ජනතාව තියාගැනීම සඳහා  අවශ්‍ය කාර්යභාරය ඉටුකරන්න කියන ඉල්ලීම මම ඔබගෙන් ඉල්ලනවා..මෙතැනට ඇවිල්ලා තමුන්නාන්සේලා මට ඉල්ලීමක් කලා මට අස්වෙන්න එපා කියලා නෑ මම අස් වෙන්නේ නෑ...අස් කරන්න පුළුවන් අස්වෙන්නේ නෑ...කිසිවිටක කාටවත් බයේ දාලා දුවන්නෙත් නෑ කියන එක මතක් කරදෙනවා...''