maina-go-gama

ගාලු මුවදොර නොනවතින අරගල ස්ථානය ගෝඨාගෝගම වෙද්දී ඊට සමගාමීව ‘මයිනාගෝගම‘ නමින් ස්ථිර විරෝධතා ස්ථානයක්

කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටුවීමට විරෝධතාකරුවන් ක්‍රියාකර තිබේ.  පාර අයිනේ ඔවුන් රැය පහන් කළ අයුරු ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.
සමාජ මාධ්‍ය තරුණ කන්ඩායම ‘මයිනා‘ යන අන්වර්ථ නාමය දක්වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ හැඳින්වීමටයි. ඔහුගේ නම මහින්ද->මයින්ද-->මයින්--> මයිනා ලෙස බින්න වී ඇති අතර කුරුල්ලෙකුගේ නමක් තබන්නට මුල්වී ඇත්තේ මීට පෙර කපුටා යන්න ඔහුගේ සහෝදරයා හඳුන්වන්නට උපයෝගී වූ නිසාය.