kaushalya-madushani-death-updates

නංගිගේ කාමරයේ ජනේලයට වැරෙන් එල්ලකළ පහර නිසා එක් පියනක් විවර වූවායින් පසුව නංගී ඇඳ අසල දණ ගසාගෙන ඉන්නකොට ඇගේ සුරතල් බලුපැටියා නංගීගේ මුහුණ ලෙවකමින් සිටිනවා දැක්කා.

ඒ එක්කම මම දැක්කා නංගිගේ ගෙලේ ලණුවක් වගේ දෙයක් තියනවා. මට ඉවසුම් නැතිව ගියා. ඒ සමගම මට කර කියාගන්න දෙයක් නොමැතිව කෑගැසුවා යැයි මීටර 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශුර කෞෂල්‍යා මධුෂානී ක්‍රීඩිකාවගේ මරණ පරික්ෂණයේදී ඇගේ වැඩිමහල් සොහොයුරියක වන ප්‍රියංගනී සුසීමා මහත්මිය සාක්ෂි දෙමින්  පැවසුවාය.  



සියවස් සැමරුම් ක්‍රීඩා ශූරතා තරගාවලියට ඉකුත් 23 වැනිදා සහභාගීව තමන් විසින් අත්පත්කරගෙන තිබූ වාර්තාවක් බිඳහෙළමින් නව වාර්තාවක් සනිටුහන් කර රන් පදක්කමක්ද රැගෙන ඒමෙන් පසුදින කෞශල්‍යා මධුශානි නමැති 26 හැවිරිදි ක්‍රීඩිකාවගේ සිරුර පෙරේදා 24 වැනිදා උදේ 10ට පමණ ඇගේ කාමරයේ තිබී හමුවී තිබිණි.කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක නන්දන පී. හෙට්ටිගමගේ මහතා ඉදිරියේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ වැනිදා පැවැති මරණ පරික්ෂණයේදී ප්‍රියංගනී සුසීමා මහත්මිය මෙසේද පැවසුවාය. මියගොස් ඇත්තේ මාගේ බාලම නංගි. ඇය ජීවත් වුණේ අම්මත් එක්ක වෙනම නිවෙසක. නංගී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සංචිතයේ ලාන්ස් කෝප්‍රල්වරියක ලෙස පනාගොඩ සේවය කරමින් සිටියා. මෙම සිද්ධිය වීමට පෙර දින ඇය දියගම ප්‍රදේශයේ ක්‍රීඩා තරගයකට සහභාගී වෙන්න ගියා. සවස 5ට පමණ ඇගේ යෙහෙළියක එක්ක

ගෙදර ආවා. පසුදින 24වැනිදා උදේ ඇගේ යෙහෙළිය පිටවෙලා ගියා. මම අපේ නිවසේ සිට නංගීට උදේට කන්න එන්න කියන්න නංගිගේ නිවෙසට ගියා උදේ 9ට පමණ. ඒත් ඇය දැන්ම කන්න බැහැ කියලා කිවා. ආපසු මගේ නිවෙසට පැමිණ මද වේලාවකින් පසුව නංගිගේ තවත් යෙහෙළියක් ඇගේ මංගල උත්සවය නංගිට ආරාධනා කරන්න අපේ නිවෙසට ආවා. ඒ නිසා මම ආයෙමත් නංගිගේ නිවෙසට යෙහෙළිය සමගින් 10ට පමණ ගියා.

අපේ නිවසට යාව පිහිටි නංගීගේ නිවෙසේ ඒ යනවිටත් ජනෙල් දොරවල් වසා අගුලු දමා තිබුණා.

මම නංගිට කතා කළා දොරට ගැසුවත්  ප්‍රතිචාර නොදැක්වූ නිසා මම හිතුවෙ තරගකරපු මහන්සියට නංගි නිදි කියලයි. ඊට පස්සේ මම නංගිගෙ නිදන කාමරයේ ජනේලයට ගැහුවා. තදින්  පහර දෙද්දී එක් ජනෙල් පියනක් ඇරුණා. එතකොට නංගි ඇඳ ළඟ දණ ගහගන ඉන්නවා වගෙ දැක්කා. නංගී සුරතලයට ඇතිකරන බලුපැටවා ඒ අසල සිට නංගීගේ මුහුණ ලෙවකමින් සිටියා. ඒ එක්කම මම දැක්කා නංගිගෙ බෙල්ල ප්‍රදේශයෙන් ලණුවක් වගේ දෙයක්. මම හයියෙන් කෑගැසුවා. ඒ හඬ ඇසුණ මාගේ සැමියත් අසල නිවෙස්වල අයත් දිව ආවා. සැමියා පිටුපස දොරගුලු කඩා නංගීගේ කාමරයට ඇතුළුවී ලණුව කපා සිහිසුන්ව සිටි නංගි කඩිනමින් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළා.

ඇය මියගොස් සිටි බව අපට දැනගන්න ලැබුණා. කුමන හේතුවකට නංගී එවන් දෙයක් කළාද කියන්න හිතාගන්න බැහැ. ක

ෙසේ වෙතත් මරණය ගැන අපට සැකයක් නැහැ. මියගිය කෞශල්‍යාගේ මව වන නාලනී  කුසුමලතා(66) මහත්මිය හා ක්‍රීඩිකාව රෝහල්  ගතකළ මස්සිනා වූ විරෝයි ප්‍රසන්දික(46) මහතාද මෙහිදී සාක්කි දුන්හ. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. විජේවර්ධන මහතා සිදුකළ අතර සාක්ෂි සටහන් කිරීම අවසන් නො වූ හෙයින් මෙහි තීන්දුව ප්‍රකාශයට පත්කිරිම මරණ පරීක්‍ෂකවරයා විසින් හෙට 27 වැනිදා දක්වා කල් තැබීය.
(දිනේෂ් උපේන්ද්‍ර)

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
මේක මගේ ජීවිතය මියයාමේ වගකීම මගේ - මීටර 400 ජාතික ශූරිය ගෙළ වැළලාගන්න පෙර ලියා තබලා