mahinda-deshapriya-speaks

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද්‍ර දේශප්‍රිය  පරිපාලන සේවයේ නිළධාරින් සමග විරෝධතාවයකට එක් වෙමින් තම අදහස් මාධ්‍ය වෙත මෙසේ පළකර තිබුණි.


''අද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරින් ඔක්කෝම ඇවිත් මේක කරන්නේ මොකටවත් නෙවෙයි ජනතාවගේ තියෙන ප්‍රශ්ණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වන අරගලයට සම්බන්ධ වෙන්න.හැමෝම ඉල්ලන්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා.1978 ඉදලා අපේ රටේ තියන ඒකාධිපතික්‍රමය වන විධායක ජනාධිපතික්‍රමය සම්බන්ධයෙන් රටේ අවුලක් තිබුණා.පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් සම්බන්ධයෙන් අවුලක් තිබුණා.ඒ ඔක්කෝම පුපුරලා ගියා මේ  ආර්ථික අර්බුදය මැද්දේ...

මේක ආර්ථික අර්බුදය විතරක් විසඳලා කරන්න පුළුවන් අර්බුදයක් නෙවෙයි මේක මහින්ද්‍ර දේශප්‍රියගේ පුද්ගලික අදහස.ඒක මූලික කරුණ අනිත් කරුණ සමහරු අහනවා මෙහෙම යන්න කියන්න පුළුවන්ද එන්න කියපු අයට ඒක අපේ ආණ්ඩුක්‍රම විව්‍යස්ථාවට ඇතුළත් උනෝත් ඒක නිලවශයෙන් ගන්න පුළුවන් ආපසු කැදවීමෙ බලය.ජනතාවට ඕනෑම මහජන නියෝජිතයෙක් පත් උනාම ආපසු කැදවීමේ බලය තියෙන්න ඕන.අනිත් පැත්තෙන් තියෙන වැදගත්ම කරුණ තමයි මහජන නියෝජිතයෝ සම්බන්ධයෙන් අපි අපේ නියෝජනය ඔවුන්ට පවරලා දුන්නම ප්‍රංශයේ දාර්ශිකයෙක් කියපු කතාවක් තියෙනවා අපි යම් කාලයකට ඔවුන් පත් කලාට පස්සේ ඔවුන් ඒ අවුරුදු 5 තුල අපිට සිද්ධ වෙන්නේ ඔවුන් කියන බොරු අහන් ඉන්නයි,කියවාරු අහන් ඉන්නයි,රැවටෙන්නයි කියන එක..ඒ ක්‍රමය වෙනස් වෙලා නියෝජිත ප්‍රජාත්‍රන්තවාදය සමඟ පාර්ලිමේන්තුව සමඟ සමගාමි මහජන සභාවකට දක්වා වූ මතයකට අපි යන්න ඕන.මගේ අදහස 19න් ඔබ්බට....''