litro-chairman-speaks

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා මධ්‍ය හමුවකට එක්වෙමින් ගෑස් මිල සංශෝධන කිරීම සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුනා.

"අපිට පැහැදිලිවම පෙන්වා අපි විකුණන්නේ 2600ට.. හැබැයි මේ 4600 ක් වන ගෑස් එක අපේ තියන බොට්ලින් ප්ලාන්ට් එකේ අපි මේක බෝතල් ගත කරන්න ඕනේ. ඉන්පස්සේ අපි මේක බෙදාහැරීම් ජාලයක් අපේ නියෝජිතයින් හරහා තමයි ගෙනියන්නේ.. නියෝජිතයනුත් ලංකාව පුරා බෙදාහරින්න ඕනේ.. ඒ කට්ටියට වියදමක් තියනවා.එ කට්ටියට ලාභයක් දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ වෙද්දී ගෑස් සිලින්ඩරයකට යන ඇත්ත මුදල රුපියල් පන්දහස් පන්සියකට කිට්ටු මුදල්ක් වෙනවා. ම

ේ දවස්වල ඉල්ලුම තියනවා බෝතල් ලක්ෂයක් විතර.ලක්ෂයක් කියලා හිතුවොත් එකකින් රුපියල් 2500- 300ක් පාඩු වෙනවා. එතකොට එහෙම ගත්තොත් මිලයන 250ක්..

දවසක පාඩුව මේ දවස් වල ගෑස් විකිණෙනවා නම් කෝටි 25ක දවසක් පාඩුවක් සිදුවෙනවා. මේ සම්පුර්ණ මුදල මේ සහනය රජය ලොකු කාලයක් දිගෙන ආවා..ඒ දීපු හින්දා ගෑස් සමාගමට නෙමෙයි මේක පාඩු වෙන්නේ මේක රටේ මහජනතාව තමයි අනිත් පැත්තෙන් දරන්න ඕනේ..

මේ ප්‍රශ්නයෙන් එළියට යන්න අපිට වෙන විකල්පයක් ඇත්තේම නැහැ. මොකද අපි මේ වෙද්දී බිලියන 10ක් බැංකු වලට ණයයි. එ නිසා මේ වේලාවේ අපිට ගෑස් ගැනීමේ හැකියාවක් නැහැ හරි මුදල් විකුණුනේ නැත්තම්..මේක වලක්වා ගන්නවානම් එකම දේ අපි හරි මිලකට ලාභ ලබන්න නෙමෙයි , ලාභය නැතුව තමයි අපේ මිල සංශෝධනය කලේ..මේක කාලයක් තිස්සේ කතා කල දෙයක්. මේක පහුගිය අවුරුද්ද පුරාම ආපු ප්‍රශ්නයක යෝජනාවල පියවරක් හැටියට තමයි මිල සංශෝධනයක් ඇවිත් තියෙන්නේ.."