
පුරවැසි ක්‍රියාකාරි මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරවරියක සහ විගණකවරියක් ලෙස කටයුතු කරන ලක්මාලි මල්දගේ මහත්මිය මාධ්‍ය හමුවකට එක්මෙින් අද දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය පිළිබඳවත්, රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳවත් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර තිබුනා..
"අද දින පැවැත්වෙන වැඩවර්ජනය අපේ නොමසරු දායකත්වය දීමට අපි මේ වේලාවේදී සූදානම් වෙනවා. රට ආර්ථීක වශයෙන් දැඩි අඝාතයකට ලක් කිරීමට හේතු වුන මේ රජයේ ජනාධිපති, අගමැති ,කැබිනට්ටුව ඇතුළු සියළුදෙනා ඉවත්ව යනතුරු අපි අපි මේ සටන නවත්වන්නේ නැහැ..
30 වසරක යුද්ධයේ අවසානයේදී අපි හැමෝම හීන දැක්කා මේ රට තව සිංගප්පුරවක්, ජපානයක් වගේ වෙයි කියලා, අපි ඒ වගේ ඉදිකිරිම් දැක්කා..නමුත් අවසානය වෙද්දී අපිට තේරුණා මේ සියළු ඉදිරිකිරිම් පිටුපස තමන්ගේ කුඨ , ආත්මාර්ථකාමී ,තමන්ට ලැබෙන කොමිස් මුදලට විතරක් වහල් වෙලා ,තමන්ගේ පවුල ගැන විතරක් හිතලා කරපු හැම දෙයක් නිසාම මේ රට අද විනාශයට පත් වෙලා තියනවා.පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් රට කියලා මාතෘබිම සිප වැළඳගෙන පත් වුන නායකයෝ අද රඟපෑමක් විතරක් කරලා තියනවා කියලා රටේ හැමෝම දන්නවා. අපේ රටත් තව උගන්ඩාවක් බවට පත් වී තිබනෙවා. උගන්ඩාවටත් කිවේ අප්‍රිකාවේ මුතු ඇටය කියලා.ශ්‍රි ලංකාවට කිවේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා..
අපේ රටේ ජිවත් වෙන රාජපක්ෂවරුන්ට දැන් වෙද්දී මුළු රටේම සාපය වැදිලා ඉවරයි.. ඒ පවුලේ සියළුදෙනාටම මිය යන්න වෙන්නේ මේ රටේ මිනිසුන්ගේ සාපයත් එක්කමයි..."
Comments
Post a Comment
Your comment will be visible after approval