julian-bolin

ගාලු මුවදොර පිටියේ පැවතෙන අරගලයට සහභාගි වු ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩක ජුලියන් බෝලිං ඔහුගේ අදහස් එහි සිටි පිරිස අමතා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.



"අපි හැම ඡන්දයක්ම එනකොට අපි අරගලයක් පටන් අරගෙන තියන ආණ්ඩුව එළියට දාලා අලුත් ආණ්ඩුවක් ගෙනවා..නමුත් අපිට මේ අවරුදු 75ට මොකද්ද වෙලා තියෙන්නේ?මේ අවරුදචු 75ට අපේ ගමට මොකද්ද වුනේ මේ කියන්නේ මගේ හිතේ තියන දේවල්.

වර්ධනයක් කිසි විදියකින් නැහැ. දැනුත් අරගලයක් යනවා කෙහෙන්හරි වෙනසක් වෙයි අපි දන්නවා..එතකොට අපිට ලොකු අවස්ථාවක් තියනවා මේ ගමන අලුත් විදියකින් යන්න..ඩොලර් එක උඩ ගිහින් රුපියල වැටුනට මට හිතෙනවා මේ වැටිල්ලෙන් අපි මොනවහරි හරි දෙයක් කලොත් මීට වඩා හොඳ තත්ත්වයකට එන්න පුළුවන්..දැන් වෙනසක් වෙයි ඉන්න ආණ්ඩුවට යන්න වෙයි..කොයි පක්ෂය වේවා හැකියාව තියන අය ඉන්නවා..සමහර විට මට හිතෙනවා රාජපක්ෂලාට හැකියාව තියනවා.හැබැයි හදවත කොහේද? මම පොලිටික්ස් ගැන කතා කරන්නේ නැහැ..නමුත් ඇත්තම මම කතා කරන්නම් සජිත් මගේ බැජ්මෙඩ්ස්.ඉස්කොලේ එකට ගියාට හම්බ වෙලා නැ මොකද අපේ ඉස්කෝලේ ළමයි ගොඩක් හිටියා...රනිල් මාමා අපේ එකම ලේන් එකේ..පස්වැනි පටුමගේ.මේ අරගල ඉවර වුනාට පස්සේ මම එතුමාගේ ගෙදර ඉස්සරහාට ගිහිල්ලා පොස්ටර් එකක් අල්ලනවා..එයාට ඇත්තටම තිබ්බා ලොකු වෙනසක් කරන්න.ඉතිං ගොඩක් හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ.අපිට කවදා හොඳ කැබිනට් එකක් හම්බවෙයිද කියලා ඉතිං හිතාගන්න බැහැ..