johnston-prasanna

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස මහජන ආරක්ෂක, සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පත් වීමට නියමිතව ඇත.



මෙතෙක් එම ධුරයෙහි කටයුතු කරන ලද හිටපු ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට නව ඇමැති මණ්ඩලය තුළ ඇමැති ධුරයක් හිමි නොවීම තුළ මෙලෙස නව ප‍්‍රධාන සංවිධායකවරයකු පත් කෙරේ.

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වන අවස්ථාවේදී ප‍්‍රමුඛ කටයුත්තක් ලෙස මෙම පත් කිරීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරනු ඇත.