gotabaya-meeting-today

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂ නායකයින්ගේ ආරාධනයෙන් නමුත් අඩු පක්ෂ සහභාගීත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව අද පෙරවරු 10.30ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
තමන්ගේ දෙන්නාට හොර පාරෙන් දුන් ඇමතිකං ඉවත් කරන තුරු සාකච්ඡා වලට නොඑන බවට සපථ කළ ශ්‍රිලනිප කන්ඩායමේ එම තීරණය වෙනස්වී අද සාකච්ඡාවට සහභාගී වීමට නියමිතය.
ඊට අමතරව  සාකච්ඡාවට සහභාගි වීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.

ඒ අනුව පොදු ජන පෙරමුනේ සිට ස්වාධීන වූ පිරිස හා
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ විමල් ගම්මංපිල වාසු නියෝජනය කරන පක්ෂ ඇතුළු පක්ෂ 11ක නියෝජිතයින් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් අද දිනයේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පැමිණිමට තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාවට පෙර ප්‍රකාශවූ කරුණු අනුව එක් අවස්ථාවක අගමැති මහින්ද තනතුරින් ඉවත්වන බවටත් තවත් අවස්ථාවක එසේ නොවන බවටත් විවිධ ලෙස සාකච්ඡාවී ඇති අතර පොහොට්ටුවේ කොඳු නාරටිය ලෙස මහින්ද රාජපක්ෂ සලකා ඇති රජය එය බිඳ ගැනීම දේශපාලන සියදිවිනසාගැනීමක් විය හැකි බැවින්  හැමවිට මහින්ද අක්‍රීය මට්ටමින් හෝ ඉවත් නොකර තබා ගැනීමට ප්‍රයත්නයක නිරතවේ.


නමුත් ජනතාව උද්ඝෝෂණය කරනුයේ අගමැති හා ජනපති දෙන්නාම ඉවත්වී පක්ෂ එක්කාසුවී තාවකාලික රජයක් පිහිටුවීම වෙනුවෙනි. එම කරුණු ඉටු නොවන පසුබිමක් පවතින නිසා මෙම සාකච්ඡාවට සජබ , එජාප හෝ ජවිපෙ දායකත්වයක් නැත.
අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා යම් එකඟතාවන්ට එළඹීම පිළිබඳව සහ ඒ සඳහා යෝජනා විමසීම සම්බන්ධයෙන් අද දින අවධානය යොමු කිරීමට නියමිතවන අතර එහිදී ගන්නා තීරණ අනුව රටේ ප්‍රශ්න අවම වේද නැතිනම් ජනතාවට අලුත් විශ්වාසයක් ඇති කරගන්නට හැකිවේද උද්ඝෝෂණ නවතීද යන්න ප්‍රශ්නාර්ථයන් බවට පත්ව තිබේ.