girl-speaks-gotagogama

අරගලයට ආ තරුණියක් අරගල භූමියේ සිටි පිරිස අමතා තම අදහස් මෙසේ දක්වා තිබුණි...

''අපි ඉස්කෝලේ යන කාලේ සමහර මාතෘකා තියෙනවා දිග හෑලි ලියන්න පුළුවන්.සිංදු ලියන්න පුළුවන් චිත්‍ර අඳින්න පුළුවන් මතකද එහෙම මාතෘකා..ඒ වගේ තව මාතෘකාවක් තිබ්බා වචනාර්ථයට පමණක් මේ පොළොවේ කොටු උන ඒ මාතෘකාව තමයි ජාතින් අතර සමගිය ,ජාතින් අතර සහයෝගය,සංහිදියාව , සහෝදරත්වය , එක මවකගේ දරුවෝ මොනවද මේ කියන්නේ ඒවා රචනා පොත් වල ඒවා සිංදු වල දේශාභිමාන ගීත වල ජාතික ගීය විතරයි තිබ්බේ අපි අතර ඇත්තටම තිබුණේ නෑ.අපි දමිළ සිංහල කඳවුරු තුනක කඳවුරු බැදගෙන කියනවා අපි එක අම්මාගේ දරුවෝ කියලා.ඒක තමයි මේ රටට මේ හෙනේ පාත් උනේ.නමුත් අද මේ අරගල ගමේ වැසියන් ,මේ අරගල භූමියේ හිමිකරුවන් ලෝකයෙන් නොවන ලෝකයෙන් අද සිදු නොවන අරගලයක කොටස්කරුවෝ සාක්ෂිකරුවෝ වෙමින් පවතිනවා.අපි දිනනවා.



කොහොමද මේ ජයග්‍රහණයට යන පළවෙනි පිම්ම තිබ්බේ 2022 බක් මහේ අකුණක් ගහනවා ඒක එසේ මෙසේ අකුණක් නෙවෙය් අරගල අකුණක් මේ පොළවට ගහනවා.පවුරු බැදගෙන හිටිය දමිළ සිංහල මුස්ලිම් අපිව වෙන් කරලා තිබුනු ඒ පවුරු කුඩු කරලා දානවා.අපි දැන් ඉන්නේ එක රවුමක එක පවුරක ඒ පවුර තමයි සහෝදරත්වය , ජයග්‍රහණයේ ශක්තිය.ඉතිහාසයේ ඉදලා අපි මරාගත්තා ඉතිහාසයේ ඉදලා යක්ඛ නාග ගෝත්‍ර කොහෙන් හරි බෙදිලා අපි මරාගත්තා.අද අවුරුදු 2500කට පස්සේ අපි එකතු වෙලා ඉන්නේ එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි..ලංකා පුරවැසියන්ට මේ තරුණයෝ ප්‍රශ්ණයක් ඇහුවා ඇයි අපි මේතරම් වයසක මිනිස්සුන්ට දේශපාලනය දීලා අපි මේ දුක් විදින්නේ අපේ රටේ දූෂණය වංචාව ඇස් ඉදිරිපිට සිද්ධ වෙනවා නීතියක් නෑ ධර්මයක් නෑ අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ නීතියට අනුව නෙවෙයි.ඇයි මේ...අපි වහල්කම් කලා ඇති අවුරුදු 74ක් දේශපාලනයේ වහල්ලු අපි...|

ඇත්තනේ අපි පැතුවේ මහරජාණෝ කෙනෙක්නේ රජ පවුලක් නඩත්තු කරන්නත් එපැයි,රජ පුත්තු,රජ බිසවලා නඩත්තු කලේ නැද්ද...දැන් ඇති නේද..හමුදා පාලනයක් තියෙන්න ඕන, නැත්තම් මුන් හදන්න බෑ.නීතිය එක වෙන්න ඕන...දැන් කලා හරිද...තරුණ අපිව මරණවා ලේ පිටින් තව කියනවා යන්නේ නෑ කියලා...මෙන්න අපිට උනදේ....

අපි සහෝදරත්වයෙන් එකතු උනා නමුත් කියන්න කණගාටුයි මේ දේශපාලඥයෝ පුදුමාකාර බයකින් ඉන්නේ.ඇයි කියලා ඔබ දන්නවද උන්ගේ අල්මාරිය ඇතුලේ ඇටසැකිලි මිනී  එළියට අපි ඇදලා ගන්නවා උන් ගියදාට...උන්ගේ ඔය මහාමන්දිරයෙ හැංගිලා ඉන්නේ උන්ගේ පාපිස්ස යට ගහපු අපේ ප්‍රශ්ණ ,උන් කකුල තියන් ඉන්නේ ලේ ගෑවුන සල්ලි උඩ.මෙන් මේ දේ නිසයි කාලකණ්ණි තමත් වැජඹෙන්නේ ,මේ රට දාලා යන්න ලෝබ වෙන්නේ...නැතුව හිතන්න එපා නොතේරෙනවා නොදන්නවා කියලා.රහස් එළිවෙයි හොර ,දූෂණ වංචා හෙළි වෙයි කියලා එහෙම කරලා මුන්ව පාරේ නොයාවා මගේ හයිය තියනකල් මම මෙතැන ඉන්නවා....''