
කොළඹ ගාලුමුවදොර ආසන්නයේ විරෝධතාවන්හි නිරතවන පිරිස් එම ස්ථානයේ දෙවන දිනයේත් රැය පහන් කරමින් සිටින බව වාර්තාවන අතර මේ වනවිට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ පිරිස් ඔවුන්ට එහි දිගටම රැඳී සිටීමට උදව් කරමින් කෑම බීම,වෛද්‍ය පහසුකම් සැපයීමටත්, වැසිකිලි හා නිදන පහසුකම් සපයන මෙට්ට හා තාවකාලික කූඩාරම් ඇටවීමටත් පියවර ගෙන ඇත.
ජනපති ධූරයෙන් ඉවත්වනතුරු සටන අත්නොහරින බව විරෝධතාකරුවන් දන්වා ඇත. මේ වනවිට ලෝක අවධානය යොමුවී ඇති මෙම විරෝධතාවන්ට ආරක්ෂක අංශ වෙතින් කෙරෙන බලපෑම් අවමවී ඇති අතර දිනෙන් දින සටන තීව්‍ර කිරීමට පිරිස් කටයුතු කරමින් ඉදිරියට ගෙනයන අයුරු දක්නට ලැබෙයි.





Comments
Post a Comment
Your comment will be visible after approval