
සංවර්ධන කටයුතු සිදුකෙරෙන බැවින් ගාලු මුවදොර පිටිය සාමාන්‍ය ජනතාවට වසා දමා ඇති බවට අද සවස සිට නිවේදනයක් සවිකර ඇති අතර ඒ හේතුවෙන් ගාලු මුවදොර පරිහරණය කිරීමට කිසිවෙකුට තිබූ ඉඩ අවුරා තිබේ.
ගෝටා ගෝ හෝම් විරෝධතාවක් සඳහා හෙට (09) දිනයේ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ අතර ඒ වෙනුවෙන් පිරිස් සංවිධානය වෙමින් පැවතිණි.
3වනදා පැවති විරෝධතාවයේ දිගුවක් ලෙස එම ජනරාශිය මිලියනයක් බවට පත් කරගන්නට උත්සාහයක් පැවතිණි.
ගාලු මුවදොර පිටිය හදිසියේම සාමාන්‍ය ජනතාවට වසා දැමීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද අද පාර්ලිමේන්තුවේ විමසා සිටි නමුත් කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත.

Comments
Post a Comment
Your comment will be visible after approval