factory-5000-closed

අමුද්‍රව්‍ය හිඟ වීම හා මිල ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා දේශීය වශයෙන් ක්‍රියාත්මක වූ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා 5,000ක් පමණ මේ වනවිට වැසී. ගොස් තිබෙන බව දේශීය ව්‍යාපාර සුරකීමේ සභාව සඳහන් කරයි.

මේ නිසා දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා හෙට (22දා) දේශීය කර්මාන්තකරුවන් කොළඹට කැඳවන බවත්,

මෙම පිරිස් විරෝධතා පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එම සංගමයේ සභාපති මහේන්ද්‍ර පෙරේරා මහතා ප්‍රකාශ කළේය. දැනට ක්‍රියාත්මක වන කර්මාන්ත පවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත්, කර්මාන්ත වැසී යාම නිසා සේවකයන් විශාල පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. පවතින අර්බුදය නිසා වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ, දේශීය රෙදිපිළි කර්මාන්තයට බවත්,

සම් භාණ්ඩ ඇතුළු දේශීය වශයෙන් ක්‍රියාත්මක වන සෑම කර්මාන්තයකටම බලපෑම් ඇති වී තිබෙන බවත්

සභාපතිවරයා පැවසීය.මේ නිසා දේශීය කර්මාත්ත රැකගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා හෙට (22) දා දිනකොළඹ ලේක් හවුස් වටරවුම අසල සිට ජනාධිපති ලේකම් කාර්යලය දක්වා විරෝධතා පාගමනක් පවත්වන බවත්, ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


(ඉන්දික හේවාවිතාරණ )