charls-thomas-speaks

ගාලු මුවදොර පිටියේ පැවෙතෙන උද්ඝෝෂණය සඳහා සහභාගි වූ  දේශක චාර්ල්ස් තෝමස් මහතා එහි සිටි පිරිස අමතමින් ඔහුගේ අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුනා.



"අපි මේ දරුවෝ පටන් ගත්ත අරගලය ශුද්ධ වු අරගලයක්. ශුද්ධ වු කියන එකෙන් මම අදහස් කලේ වෙනස් කියන එක.. මෙතෙක් ඉතිහාසයේ සිදුවුන වෙනස්ම අරගලයක් මේක.මෙතෙක් මේ රට තුළ බෙදා තිබුන අගාම්වාදය , ජාතිවාදය මෙතනදී පරාජය වුනා.දැන් වෙද්දී ලංකාව පුරා තැනින් තැන මේ අරගය යම් කණ්ඩායම් විසින් බලහාත්කාරකමක් හැටියට කරන්න හදනවා කියලා ඔබට පේනවාද ? ආණ්ඩුවට රිද්දන්න වාහන ගිනි තියලා , පාරවල් හරස් කරලා , එ වගේ කුපාඩි වැඩ කරලා අයිත් මේ දරුවන් පටන් ගත්ත අරගලය විනාශ කරන්න එපා කියලා මම කියන්නේ කාලකණ්ණින්ට. අපි පාර්ලිමේන්තුව වට කරනවාට විරුධ වුනාද?නැ අපි විරුද්ධ වුනේ නැහැ. ඉස්පිරිතාලේට යන ළමයාව නැවැත්තුවා..අපි විරුද්ධයි එකට..අපි මේ රටට අයිති දේපළවලට ගිනි තියනවාට විරුද්ධයි.මෙතන ඉන්න දරුවෝ එහෙම ක්‍රියාවකට ගිවෙය් නැහැ.මේක ඇතුළේ දේශපාලන අරමුණු තියන කුපාඩි හැත්ත මේ දරුවන්ගේ අරගල විනාශ කරන්න හදනවා. හැබැයි අපි සැලසුම් සහගතව ,බුද්ධිමත්ව මේ හිතුවක්කාර අත්තනෝමතික පාලනයට විරුද්ධ වෙන්න ඕනේ.. "