
පෙට්‍රල් හිඟයක් යලිත් ඇතිව තිබෙන බවට පැතිරයන ප්‍රචාරයන් සත්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසීය.
ඊයේ (11 වැනිදා) මේ සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ කීය.
‘‘අප්‍රේල් මාසය සඳහා ආනයනය කළ සියලුම ඉන්ධන තොග මේ වන විට ලැබෙමින් පවතිනවා. මේ මාසයට විතරක් අපි ඩීසල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක් ආනයනය කරන්න කටයුතු කරලා තියනවා ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස්දහසක් ගෙන්වන්න කටයුතු කරලා තියනවා. දැනට අපිට ආනයනය කරලා තියන ඉන්ධන තොග දෙකයි ගෙවලා ලබාගන්න තියෙන්නේ. කොලොන්නාව සහ මුතුරාජවෙල යන ගබඩාවලට තමයි මේ ගොඩබෑම වෙන්නේ.’’
Comments
Post a Comment
Your comment will be visible after approval