
ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
රටතුළ විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ආනයනය සඳහා යොදාගැනීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 1.93ක් දක්වා පහළ ගොස් ඇති අතර 2022 දී විදෙස් ණය සඳහා ඩොලර් බිලියන 4ක් ගෙවීමට තිබේ.
ණය ලබා දුන් සියලුම විදේශ රාජ්‍ය සහ ආයතනවලට මේ සම්බන්ධව දන්වා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ණය පොලී වාරිකය යළි මෙරට තුළ ආයෝජනය කිරීමට හෝ ඩොලර් වෙනුවට රුපියල්වලින් ගෙවීමට එකඟ විය හැකි බවයි.
රට වැටී ඇති බිහිසුණු විනිමය අර්බුදයට පියවරක් ලෙස මහබැංකුව මෙම තීන්දුව ගෙන තිබේ.
කෙසේ වෙතත් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වන අතර එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව වැඩිදුරටත් සදහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval