Eleven-parties-have-decided-not-to-hold-talks-with-the-President-due-to-the-prey-download-policy

ඊයේ ශ්‍රීලනිප මන්ත්‍රී ශාන්ත බණ්ඩාර හා පියංකර ජයරත්න පක්ෂයේ ප්‍රතිපත්ති වලින් කඩා තමන්ට පක්ෂපාත කරගෙන වරදාන දීමනා හා ඇමතිකම් ලබාදුන් බවට ලබාදුන් වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ජනපති සමග අර්බුදය සාකච්ඡා කිරීම අත්හැර දැමීමට ශ්‍රීලනිප ප්‍රමුඛ පක්ෂ 11 කණ්ඩායම තීරණය කර තිබේ.




ඒ අනුව අද (12) ජනපති සමග එම පක්ෂ නායකයින් එක්වී සර්ව පාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ රැස්වීම එම පක්ෂ 11 වර්ජනය කරන බව දන්වා ඇත.

ශාන්ත බන්ඩාර පක්ෂය හැර ගොස් රාජපක්ෂ උපායන්ට ගොදුරුවීම බරපතල කාරණාවක් ලෙස සලකා ශ්‍රීලනිප අභ්‍යන්තරය අවුළුවන්නට අද දින හේතුවූ අතර මේ හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය හා තනතුරු සියල්ල ඉවත් කර තිබේ. 

මේ අතර විමල් පිලේ උද්දික ප්‍රේමරත්න ඇතුළු මන්ත්‍රීවරුන්ද බිලිබාගන්නට යන බවට වූ ආරංචි ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සමගම විශ්වාසභංගය හෝ දෝෂාභියෝගය වෙනුවට අන්තර්කාලීන රජයකට සහයදීමට සිටි පිරිස ජනපති විසින් කුපිත කරවාගෙන ඇති සෙයක් දිස්වේ.
ඒ අනුව විපක්ෂය දැනට යෝජනා කර ඇති පරිදි ජනපති ඉල්ලා අස්වීම හෝ ආණ්ඩුව විසුරුවීම වැනි තීරණ සඳහා යාම හෝ නොඑසේ නම් පිරිස් බිලිබාගෙන බහුතර ආණ්ඩුවක් ගෙනයාමේ අභියෝගය ජනපති හමුවේ විකල්ප ලෙස ඉතිරිවී තිබේ.