cc-power-cut

පසුගිය කාලයේ විදුලි කප්පාදු හැමතැන සිදුවෙද්දී ප්‍රදේශ සුළු ප්‍රමාණයක් පමණක් කප්පාදුවෙන් මගහැර සිටින්නට වාසනාවන්ත විය. ඒ අය ප්‍රසිද්ධ කර්මාන්ත ශාලා ආසන්නයේ,ප්‍රබල දේශපාලකයින් ආසන්නයේ රෝහල් වැනි විදුලිය අත්‍යවශ්‍ය ආයතන ආසන්නයේ කල්ගත කළ නිසා එසේ විදුලි කප්පාදුවෙන් බේරෙන්නට ඇතැයි අනුමාන කර තිබුණි.

මේ දක්වා මගහරින ලද එම ස්ථාන පෙරේදා (30)සිට විදුලි කප්පාදුවට සුළු වශයෙන් හසුවී තිබේ. අනෙක් පැති වලට පැය ගණනාවක් කැපෙද්දී එම ප්‍රදේශවලට පැය තුනහමාරක් වැනි ප්‍රමාණයක් කැපෙන බව වාර්තා විය.
කප්පාදුව ගැන මහජන උපයෝගිතා කොමිෂම හෝ විදුලි බල මණ්ඩලය සපයන ප්‍රදේශ විස්තරයේ මෙම ප්‍රදේශ ගැන සටහන් නොවෙතත් කාලසටහන් කොටසේ CC යනුවෙන් අලුතින් කාණ්ඩයකින් එය නොදැනෙන්නට සටහන් කර තිබේ.
කෙසේ නමුත් මෙතරම් කප්පාදු සිදුවෙද්දී කිසිම කප්පාදුවකට යටත් නොවන වරප්‍රසාද ලත් ප්‍රදේශ තවමත් ඉතිරිව පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අයත් නිවාස, ජනපති වාසය කරන මිරිහාන අවට ප්‍රදේශය ඒ අතර තවම තිබේ.

CC යටතේ කාලසටහනේ අදාළ කාන්ඩය වාර්තා කරන්නේ පහත පරිදිය.