
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පත් කළ නව කැබිනට් මණ්ඩලය හුදෙක් ඇස්බැන්දුමක් පමණක් බවත්, එමෙන්ම එම කැබිනට් මණ්ඩලය පිළිගත නොහැකි බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.ඒ අනුව ත්‍රෛයි නිකායික මහානා හිමිවරුන් ලිපියක් මගින් සඳහන් කළ රජය ඉල්ලා අස්විය යුතු යන අදහස සමග සහ සියලු දෙනාට පිළිගත හැකි අන්තර් පාලන ආණ්ඩුවකට යායුතු යන අදහස සමග කතෝලික සභාවද සිට ගන්නා බව ඊයේ (18දා) අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර අරගලයේ නිරත වන තරුණ පීරිස වෙත උපහාරය පුද කරන බවත්, මෙලෙස සිදුකරන විරෝධතා ව්‍යාපාර යටපත් කිරීමට හා මර්දනය කිරීමට රජයඋත්සාහ කරන බවට වාර්තා වන අතර, එලෙස සිදු කරන්නේ නම්, එය රටේ සියලු පුරවැසියන් සඳහා එල්ල කරන ප්‍රහාරයක් බවත් කාදිනල් හිමියෝ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ,
"මේ විරෝධතා ව්‍යාපාරය රටේ සෑම තැනම මතුවී ඇති ජනතා අසහනය මේ රට පාලනය කරන අයට පෙන්වා සිටින ක්‍රමවේදයක් ලෙසයි මා දකින්නේ. එය ඉතා සාධාරණ අරගලයක් බව පළමුවෙන් කියන්න කැමතියි. මේ අරගලය. සඳහා ඉදිරිපත් වී නොයෙකුත් පරිත්‍යාගයන් කරමින් සිටින අපේ තරුණ පිරිස වෙත අපේ උපහාරය පුදන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. මේ ජනහඩට සවන් දීම රටේ පාලකයන් සතු වගකීමක්. මන්ද රටේ පාලකයක් රටේ. අයිතිකරුවන් නොවෙයි. රට කාල සීමාවකට ජනතාව විසින් භාරදුන් කණ්ඩායමක් පමණයි. ඒ නිසා භාරකාරත්වය පමණයි ඔවුන්ට තිබෙන්නේ.
අයිතිය තිබෙන්නේ ජනතාවට. ඒ නිසා ජනතාවගේ හඩට සවන් දීම ඔවුන්ගේ පළමුවෙනි වගකීම. ඒත් මේ විරෝධතා ව්‍යාපාරය යම් විදියකින් හෝ යටපත් කිරීමට හා මර්දනය කිටරය හෝ පාලනය කරන අය උත්සාහ කරන්නේ නම්, එය මුළු රටේම පුරවැසියන් එල්ල කරන ප්‍රහාරයක් ලෙස තමයි අපි දකින්නේ. වංචාව,දූෂණය හා භීෂණකාරී ප්‍රතිපත්ති මෙන්ම මේ රටේ ආර්ථික අග්නි ආගාධයට ඇද දැමීම සඳහා හිතුවක්කාර ලෙස කටයුතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයද යටපත් කර මේ රජය ගෙන යන මේ වැඩපිළිවෙළ අපටත් පිළිගන්න බැහැ.
අතිපූජ්‍ය ත්‍රෛයි නිකායික මහානායක හිමිපාණෝ ප්‍රකාශයට පත් කළ ප්‍රසිද්ධ ලිපිය තුළ අඩංගු කරුණු අනුව පවතින රය ඉල්ලා අස්විය යුතු බවත්, සියලු දෙනාට පිළිගත හැකි අන්තර්ල න ආණ්ඩුවකට යායුතු බවත් උන්වහන්සේල්ලා පෙන්වාදී තිබෙනවා. එම ඉල්ලීම්ද ගණන් නොගෙන ජනාධිපතිතුමන් විසින් අද පත් කළා කියන නව කැබිනට් මණ්ඩලය ඒනිසා අපට පිළිගන්න බැහැ. එය හුදෙක් ඇස්බැන්දුමක් පමණයි. ජනතා අපේක්‍ෂා සම්පූර්ණ කරන දෙයක් නොවෙයි.
එලෙසම අපට ආරංචි ලැබෙමින් පවතිනවා මේඋඝෝෂකයන් මැරබලය හා සන්නද්ධ බලය යොදා පළවා හැරීමට යම් යම් සැලසුම් ඇති කරලා තිබෙනවා කියලා.
එවැනි දෙයක් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම අප කාටත් පිළිගත නොහැකි අශීලාචාර ප්‍රතිචාරයක් ලෙසයි. හඳුන්වන්නේ ජාත්‍යන්තරයද මේ අවස්ථාවේ අපේරටේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව ගෞරවයද, මානව හිමිකම්ද සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. එබැවින් එවැනි අඥාන ක්‍රියාදාමයන් වෙත නොගොස් ජනතා පරමාධිපත්‍යයට ගරු කරලා අපරට තුළ නවක්‍රමවේදයක්, එනම් එම ක්‍රමවේදයේ පළමුවැනිම ලකුණ විය යුත්තේ නීතිය දේශපාලන අධිකාරියට ඉහළින් සිටිය යුතුයි. නීතිය දේශපාලන අධිකාරියට කීකරු වන ආයතනයක් නෙවෙයි. නීතිය නිදහස්, වත්ම දේශපාලන අධිකාරි වැරැද්දක් කළොත් එය පෙන්වා දෙන්නට තරම් ශක්තිමත් ස්වාධීන ක්‍රමවේදයක් විය යුතුයි නීතිය.
ඒ වගේම නව ක්‍රියාදාමයේ දූෂණය ඉවත් කළ යුතුමයි. යම්කිසි කෙනෙක් දූෂණ ක්‍රියාවක නිරත වෙනවා නම් ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් අවලංගු කිරීමේ නීති රීති ඇතුළත් බලගතු දූෂණ විරෝධී කොමිෂන් සභාවක් පත් කරලා මින් පසු කිසිම කෙනෙකුට දූෂිත වැඩ කටයුතුවල යෙදෙන්න ඉඩකඩ ලබා නොදිය යුතුයි.අපි ඉල්ලා සිටින්නේ මේ කරුණු ගැන අවධානය යොමු කරමින් ඉදිරියට ගෙන යන්නට සියලුම පක්‍ෂවල නායකයන් එකතුවෙලා තමන් ගැන හිතනවාට වඩා,
තමන්ට බලය ලබා ගැනීමට හිතනවාට වඩා රටේ පුරවැසියට සිදුව තිබෙන මහා විනාශය ගැන හිතලා කරන්න බැරිනම් ඉවත් වෙලා ගිහින්, කරන්න පුළුවන්නම් දේවල් ප්‍රජාතන්ත්‍රවාදීව කරමින් රට දියුණු කරන්න කියලා ඉල්ලා සිටිනවා. යම් හෙයකින් මේ කියන දේවල් සිදු නොකර ජනතාව රැවටීමට අද තිබෙන නායකත්වය කටයුතු කළොත් අපි ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා ඉවත් වෙලා යන්න.ඒක තමයි තාවගේ පොදු හඬ. අපි ඒ හඬටඑකතු වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
(දිනේෂ් සමරකෝන්)
Comments
Post a Comment
Your comment will be visible after approval