
දිවයිනේ සියලු රජයේ හා රජය හා අර්ධ වශයෙන් සම්බන්ධ පුද්ගලික පාසල්වල ප්‍රාථමික පාසල්වල දරුවන්ට හෙට (4) සිට නිවාඩු ලබාදුන් බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
පාසල්වලට සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ගේ අභිමතය මත අවසර දෙමින් ඊයේ නිකුත් කළ චක්‍රෙල්කයේ දිගුවක් ලෙස මෙම නිවාඩුව සඳහන් කර ඇතිඅතර ඒ අනුව ප්‍රාථමික පාසල් දරුවන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල වාරවිභාග අවසන්ව ඇති බැවින් හයේ සිට 13 ශ්‍රේණිය දක්වා එම පළාත්වල පාසල්වල දරුවන් ද පාසල් කැඳවීමට අවශ්‍ය නැති බව දන්වා ඇත.
බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වල පාසල් කැඳවිය හැක්කේ වාර විභාග පැවැත්වීමට නියමිත සිසුන් පමණි.
ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ වාර පරීක්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළඟ පාසල් වර්ෂය සඳහා අවශ්‍ය සැළසුම් කටයුතු සිදුකළ යුතු බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval