
ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද පෙරවරුවේ තහවුරු කළේය.
“සමාජ මාධ්‍ය අවහිර කිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම දැන් භාවිතා කරන ආකාරයටම වෙනත් ක්‍රමවලින් එයට පිවිසිය හැකි නිසා තහනම් කිරීම් සම්පූර්ණයෙන්ම නිෂ්ඵලයි. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා ප්‍රගතිශීලීව සිතා මෙම තීරණය නැවත සලකා බලන ලෙසයි” නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරමින් සමාජ තහනම හෙළා දැක තිබේ.
“සමාජ මාධ්‍යවලින් මින් පෙරත් විප්ලවයන් සිදුවුණා. වත්මන් සමාජ මාධ්‍ය තහනම ඔබ සහ ඔබේ රජය කෙරෙහි ඇති කෝපය සහ පිළිකුල නැවැත්වීමට කිසිවක් කරන්නේ නැහැ @GotabayaR. භාෂණයේ නිදහසට තර්ජනයක් එල්ල කිරීමම ඔබ නායකත්වයට සුදුසු නැති බව පෙන්වයි” සජිත් දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval