
ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද අළුයම 05ට ඉවත්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස යන පොලිස් කොට්ඨාසවලට අයත් සියලු බල ප්‍රදේශවලට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කරන බවය.
updqte 1.20am
කැලණිය හා ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ දෙකටද නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය අලුතින් නිවේදනය කර තිබේ.
කැලණිය හා ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශ දෙකටද නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය අලුතින් නිවේදනය කර තිබේ.
update 12.40 am
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරිනිතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.
නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර මෙම ප්‍රදේශ වල සැරිසැරීම තහනම්ය.
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසළ ඇතිවූ කලහකාරී තත්වය මෙම නීති පනවන්නට හේතු විය.
Comments
Post a Comment
Your comment will be visible after approval