bandu-samarasinghe-italy

මෙරට ප්‍රවීන විකට රංගන ශිල්පියකු වන බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ හි මෙරට කොන්සල් ජනරාල්වරයා ලෙස පත්නොකරන බවට තරයේ කියාසිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



මේ දිනවල මේ පිළිබඳ සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවලට පිළිතුරු වශයෙන් කරුණු දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත.

එම ධුරයට මින් පෙර පත්කර තිබුණේ ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය වන අතර ඇය එම ධුරය භාරගැනීමෙන් දින කිහිපයකට පසු එරටදී අභාවප්‍රාප්ත විය.

ඉන් අනතුරුව එම තනතුරට බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බවට වාර්තා පළවූ අතර ඒ සම්බන්ධයෙන් අද විදේශ කටයුතු අමාත්‍යාංශය පහත නිවේදනය නිකුත් කර තිබුණි.