arjuna-speaks

මේ දිනවල ගාලු මුවදොර පිටියේ පැවතෙන අරගලයට සහභාගි වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක  හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එහි පිරිස හමුවට ගොස් ඔවුන් සමඟ කතා බහ කරමින් සිට  මෙලස මෙම අරගල සම්බන්ධයෙන් අදහස් දැක්වීය..



"මේක දේශපාලනයෙන් තොර විරෝධතාවයක්.මම අවුරුදු 18ක් දේශපාලන කරපු කෙනෙක් හැබැයි රාජපක්ෂ මහත්වරුන්ගෙන් අද කවුරු කතා කලත් ඉස්සෙල්ලාම එළියට බැහැපු කෙනා මම.ඒ ප්‍රතිපත්තියක් හැටියට බැස්සේ.

අපේ ආණ්ඩුව කාලෙත් මම වැරදි දේවල් වලට කතා කලා.අද මම ආඩම්බර වෙනවා මේ රටේ එක ක්‍රීඩකයෙක් හරි එළියට බැහැලා මේ කරන අරගලයට. මේ ආණ්ඩුවේ දියන මුරණ්ඩුකම, උද්දච්ඡකම මේ ක්‍රියාදමයක් එක්ක  තමයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ. මොනවා වුනත් අපේ ආණ්ඩුවේ යම් යම් වැරදි වුවත් අපි මේ වගෙ තත්ත්වයකට රට පත් කලේ නැහැ...මිනිසුන්ට දුක් විඳින්න දුන්නේ නැහැ.

මගෙන් ගොඩක් අය අහනවා හැංගිලා ඉන්නේ ඇයි කියලා නමුත් මම හැංගිලා ඉන්නේ නැහැ. ප්‍රතිපත්තියක් විදියට මේක දේශපාලඥයන් එන්න හොඳ නැති තැනක් හින්දා මම ආවේ නැත්තේ මෙතරම් කාලයක්. නමුත් අද මම තීරණය කලා එන්න ඕනේ කියලා. පක්ෂ දේශපාලනය කියන දේ මට දැන් ඇතත්ටම තිත්ත වෙලා තියන දෙයක්. මම කියන්නේ දේශපාලනය කරපු හැම කෙනාම විගණනය කරන්න."