ali-sabri-again-court

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.




මින් ඉහතත් අධිකරණ ඇමති ධූරයේ වැඩ කළ ඔහු අප්‍රේල් 3 වනදා අනෙක් අය සමග ඉල්ලා අස්ව තිබුණත් සති 3 කට පසු නැවත එම තනතුර භාරගෙන ඇත. මීට අමතරව මුදල් අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කරයි.
( ඡායාරූප : ඩී. සමරකෝන් - ජනාධිපති මාධ්‍ය අංශය )