
කුමන හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113ක බහුතර සහාය පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසූ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
“ජනාධිපතිතුමා කිව්වා 113 තියනවා නම් කවුරුහරි ගෙනැල්ලා දුන්නොත් එයාට ආණ්ඩුව භාර දෙන්න පුලුවන් කියලා. ඊට අමතරව සියලුම පක්ෂවලට ආරාධනා කරලා තියෙනවා කැබිනට් එකක් පත් කරන්න. ඉතින් අපි බලාගෙන ඉන්නවා ඒ අයගේ ප්‍රතිචාර. දැන් මෙච්චර දවස් කෑ ගැහුවා නම්, ඒගොල්ලන්ට ඕනේ කිව්වා නම්, දැන් එයාලට අවස්ථාව දිලා තියෙනවා. එයාලට ඇති අවශ්‍යතාවය ඉටුකර ගන්න.”
Comments
Post a Comment
Your comment will be visible after approval