ඊයේ (3) අමාත්‍ය ධූරවලින් නෙරපන ලද විමල් වීරවංශ උදයගම්මංපිල හා ඔවුනගේ සහයට පැමිණි වාසුදේව නානායක්කාර ඇමතිවරයා සහ සෙසු සමීප සාමාජිකයින් එක්වී අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී තවදුරටත් රජය විවේචනය විය.ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 11 සහභාගිත්වයෙන් අද (04) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී


බැසිල් රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට විපක්ෂ නායකධූරය ලබා දෙන ලෙස ඉල්ලූ බවත් එයට මහින්ද රාජපක්ෂ මහතා අකමැති වීමෙන් පසු ඔහු කාටත් නොකියා රටින් පිටවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මෙහිදී කීය.

‘ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වෙලා ගියාට පස්සේ බැසිල් රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ හමුවෙලා ගිහින් ඉල්ලුවේ ඔහුට විපක්ෂ නායකකම දෙන්න කියලා. නමුත් මහින්ද රාජපක්ෂ ඒකට කැමති වුනේ නෑ. පස්සේ ඔහු මහින්ද රාජපක්ෂටත් නොකියා රටින් පිටවුනා. ඉතිං එහෙම කටයුතු කරපු කෙනෙක්ව ජනාධිපතිවරයා ලෙස පත්කරන්න කියන අසනීපයක් අපිට තිබුනේ නෑ.*ඔහු කීය.

එක් අවස්තාවක වසංගතය පැතිරෙන අවස්ථාවේ රට වසන ලෙස තමන්කළ ඉල්ලීමක් විවේචනය කිරීමට ජනපති තමා ඇමතූ බවත් ඉල්ලා අස්වීම බාර දෙන ලෙසදන්වා සිටි බවත් විමල් කීය.
උදය ගම්මංපිල පැවසුවේ 1997 ඉන්දුනීසියාවේ ඇතිවූ තත්වය හා සමාන තත්වයකට රට පත්ව ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත්, සිය අමාත්‍යධුරයේ රාජකාරි වලින් වැලකි සිටීමට පියවර ගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටියේය.අමාත්‍යවරයා කියා සිටියේ තමන් කැබිනට් රැස්වීම් සඳහා ද එක්නොවන බවයි.
‘ අප විපක්ෂය සමග එක්වීමට සුදානමක් නැහැ. අපට අපේ මාර්ගයක් තිබෙනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ජනවරම හයිජැක් කරපු අවලස්සණ ඇමරිකානුවෙකුගෙ ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ - විමල්  අවසන් වශයෙන් කීය.