water-cut-begin

පවතින වියළි කාලගුණය දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාව අවට පාරිභෝගිකයින්ට ජලය සැපයීම සීමා කිරීමට ජල සම්පාදන අමාත්‍යාංශයට බල කෙරෙනු ඇතැයි  ඉංජිනේරු සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඊයේ (22)  පැවසීය., දෛනික විදුලිය විසන්ධි වුවද මේ වන විට ජල සැපයුම අඛණ්ඩව පවත්වා යන බවද ඔහු මතක් කලේය..



“සෑම වසරකම අපට මාර්තු සිට අප්‍රේල් දක්වා ස්වභාවිකව එන වියළි කාලයට මුහුණ දීමට සිදුවෙනවා. ඒ ගැන අපි අවදියෙන් සිටිය යුතුයි. ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇති, නමුත් දැනට අපි කැලණි ගඟ දිගේ වැලි කොට්ට දමා මීට පිලියම් සකසමින් තිබෙනවා.. ගංගාව අපගේ ජල ගබඩාවක් ලෙස තබා ගැනීමට,උත්සාහ කරනවා.
කෙසේ වෙතත්, දැනට පවතින ඉන්ධන හිඟය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජාතික ජල සැපයුමට කිසිදු බලපෑමක් සිදු නොවීම වාසි සහගතයි‘ ඔහු පැවසීය.

වර්ෂාපතනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍රයයි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1,800 (මි.මී.) පමණ වන අතර හම්බන්තොට සහ මන්නාරම වැනි ප්‍රදේශවලට මිලිමීටර් 900 ක් පමණ ලැබෙයි.

මේ අතර කඳුකරයේ සමහර ප්‍රදේශවලට මිලිමීටර් 5,000 ක් පමණ ලැබේ. වර්ෂාපතන ආකාරයෙන් ලැබෙන මුළු ජල ප්‍රමාණය වසරකට ඝන මීටර් බිලියන 100ක් පමණ වේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) මගින් පිරිපහදු කළ ජලය ඝන මීටර් මිලියන 500 ක් පමණ ජනගහනයෙන් 35% ක් සඳහා නල ජලය සපයනු ලැබේ.