
අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ කැමරා අංශ ප්‍රධානී පුබුදු දීපානන්ද හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22 වැනිදා) අභාවප්ප්‍රාප්ත වී තිබේ.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට යන අතරතුරදී ඔහු මියගොස් තිබිණි.
2006 වසරේ සිට අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ කැමරා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ පුබුදු දීපානන්ද දෙරණ රූපවාහිනියේ ආරම්භක සාමාජිකයෙකි.
එක්දරු පියකු වන පුබුදු පංදිවිව සිටියේ පානදුර, පිංවත්ත ප්‍රදේශයේය. මියයන විට ඔහු 44 වැනි වියේ පසුවිය.
පුබුදු දීපානන්ද කැමරාකරණ ක්ෂේත්‍රයට පිවිසියේ වෙළෙඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයකට සම්බන්ධ වෙමිනි. අනතුරුව ඔහු මිය යනතෙක්ම අද දෙරණ ප්‍රවෘත්ති අංශයේ කැමරා අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
යුද පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ද පුබුදු දීපානන්ද ඇගයීමට පාත්‍රවී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval