
එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව
01) මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමටත්
02) වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට
03) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරිම සඳහා වන පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත වී තිබෙනවා.
එසේ අනුමැතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයී.අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙල කර තිබෙනවා.මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval