මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව අද(21) වාර්තා වුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පුද්ගලයා කෑන් කිහිපයක් රැගෙන මීරිගම නගරයේ පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්හල වෙත ත්‍රිරෝද රථයකින් පැමිණ සිට ඇති බවයි.
එම ඉන්ධන පිරවූ කෑන් ත්‍රිරෝද රථයට පැටවීමට යන අවස්ථාවේදී ඔහු සිහිසුන්ව ඇද වැටී තිබේ.
පසුව පොලිස් නිලධාරීන් එක්ව එම පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකි.
මීට පෙර මහනුවර, කඩවත සහ හොරගොල්ල ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ද මරණ තුනක් වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval