කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ දී අද (21දා) පෙරවරුවේ වාහනයකින් ගමන් කරමින් සිටිය දී පිරිසක් තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහර දුන්නා යැයි කියන කතාවේ කිසිම සත්‍යතාවයක් නොමැති බව සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගාව හා කර්මාන්ත ශාලා නවීකරණය තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හෙරත් මහතා පැවසීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් සිලින්ඩර් අලෙවි සැලක් ඉදිරිපිට අද (21දා) වැනිදා පෙරවරුවේ ගෑස් සිලින්ඩර් නෑ කියලා පිරිසක් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හා කොළඹ මහනුවර විකල්ප මාර්ගය හිස් ගෑස් සිලින්ඩර් වලින් අහුරා සම්පූර්ණයෙන්ම මාර්ග දෙකම වසා උද්ඝෝෂණයක් සිදු කර තිබෙනවා. මේ ප්‍රධාන මාර්ග දෙකම වසා තිබෙන අවස්ථාවේ දී මම එතනින් යන්න යන කොට පිරිසක් මම ගමන් කරමින් සිටි වාහනයට ගෑස් සිලින්ඩරයකින් පහර දීලා කියලා අන්තර් ජාලයේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය වෙමින් පවතිනවා. ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මම එහෙම ගමන් කරන කොට ගෑස් සිලින්ඩරයකින් පහර දුන්නා නම් වාහනයට අලාභහානි සිදු වෙලා තියෙන්න ඕනෑ. එහෙම නැති නම් අඩුම ගානේ එක් රැස් වී සිටි පිරිස ළග වීඩියෝ එකක්වත් තියෙන්න ඕනෑ.
ඒ කිසිම දෙයක් නැතිව මගේ ජායාරූප යොදාගෙන අන්තර් ජාලයේ පල කර ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි.මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර දැනටමත් ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
කෑගල්ල චමින්ද ජයලත්
Comments
Post a Comment
Your comment will be visible after approval