negombo-arrested

දේව වරමකින් නිධානයකින් ලබා ගත් මැණික් බව පවසා පතල්වලින් ඉවතලන මරන්චි කැබලි ලබාදී මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ධනවත් කාන්තාවකගෙන් ලක්‍ෂ 33ක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු එළඹෙන 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය පෙරේදා (28) නියෝග කළාය. 



මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, කටාන, අක්කරපනහ සමෘද්ධිගම පදිංචිකරුවෙකි. සැකකරු නිවෙස්වලට ගොස් විරිඳු  කියා ලැබෙන මුදලින් ජිවත් වී ඇති අතර පෝරුතොට ප්‍රදේශයේ ධනවත් නිවසකට විරුදු කීමට ගිය අවස්ථාවලදී ගෙහිමි කාන්තාව මොහු ගැන අනුකම්පා කර ආහාරපානද මුදල්ද ලබා දී ඇත.මෙසේ විරිදු කීමට දින කිහිපයක් ගිය මොහු එම කාන්තාවගේ විශ්වාසය දිනා ගැනීමෙන් පසුව නිධානයකින් ගොඩගන්නා ලද මැණික් කිහිපයක් ආහාර ලබාදුන් කාත්තාවට රු. ලක්‍ෂ 33ක මුදලකට ලබාදී ඇති බව පරීක්ෂණවලදී  අනාවරණය විය.



විරිදුකරු තම මව සමග සිදුකරන මැණික් ගනුදෙනුව පිළිබද සැක සිතූ බැංකු නිලධාරියකු වන පුතා විසින් මව මිලදී ගෙන තිබූ මැණික්, ව්‍යාපාරිකයෙකුගෙන්  පරික්ෂා කරගෙන තිබෙන අතර එම අවස්ථාවේදී විරිඳුකරු විසින් තම මවට විකුණා පතල්වලින් ඉවතලන මරන්චි කබලි බව දැනගැනීමෙන් අතතුරුව වංචාවට හසුවූ කාන්තාව විසින් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනවලින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.අපරාධ විමර්ශන අංශයේ නඩු කටයුතු මෙහෙය වන නිලධාරි උපපොලිස් පරික්ෂක ඕ.පී.එම්. අමරසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවීය.