gamini-lokuge-power-cut

ජනමාධ්‍ය වෙතින් කාලයක් පුරාවටම වසන්වී සිටි විදුලිබල අමාත්‍යවරයා ඊයේ (01) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සදහන් කළේ

මාර්තු මස 5 වෙනිදායින් පසුව මෙරට අඛණ්ඩ විදුලි සැපයුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.


ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරිබාහිරව විදුලිබල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට තම අමාත්‍යංශය කටයුතු කරන බවද කී ඔහු ඒ සඳහා වන අවසරය රජය ලබාදුන් බවත් ඒ් අනුව මාසයකට විදුලිය උත්පාදනය කිරීමට වැයවෙන ටොන් 30,000 ක ඩීසල් හා දැවිතෙල් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ගාමිණී ලොකුගේ මහතාගේ ෆෙස් බුක් පිටුවේ පාඨක අදහස් වැටෙන අවස්ථාවල ඒවා මකාදැමීමට කටයුතු කරන අතර ඉතිරිව ඇත්තේ ‘සියලු බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රර්ථනා කරමු‘ යනුවෙන් එක් අයෙකු සැපයූ කොමෙන්ටුවක් පමණි.