jayantha-lohan
ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.



ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

විමල් විරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම අමාත්‍ය ධුරය දැරූ ජයන්ත සමරවීර මහතා පසුගියදා ඉල්ලා අස්වීමට කටයුතු කරනු ලැබුවේය.

( ඡායාරූප : ශාමික වක්වැල්ල - ජනාධිපති මාධ්‍ය අංශය)