ceypetco-army

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ ක්‍රමානුකූලව ඉන්ධන බෙදා හරින්නේදැයි සොයා බැලීම සඳහා අද (22) සිට යුද හමුදාව යොදවා තිබේ.





හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන බවයි.
 
එසේම පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇත.