The-suspect-who-killed-Lokuges-driver-has-been-handed-over-to-his-family

ඇමති ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාට පහර දී ඝාතනය කළ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙයි. කළුබෝවිල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු තුවාල ලබා කලුබෝවිල රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසේ.


කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයා තුවාල සහිතව කලුබෝවිල  ශීක්ෂණ රෝහලේ  පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර තුවාල වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති  බව පොලිස් නිලධාරියකු පැවැසීය

රියදුරාගේ ඝාතනයට සම්බන්ධ මේ කිය තරුණයාගේ පවුලේ අයද සම්බන්ධ බවට තොරතුරු පවතින අතර
තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස පොලිසිය පවසා ඇත.
එලෙස භාරවී ඇත්තේ තරුණයාගේ පියා සහ සහෝදරයෙකි. ඊට අමතරව තරුණයාගේ මව හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව  පොලිසිය කියයි