අද (3) සවස සිදු කළ ක්ෂණික කැබිනට් මණ්ඩල සංශෝධනයට දිවුරුම් දීමට පිරිස් කැදවූ අවස්ථාවේ ඇතිවූ මතගැටුම් හේතුවෙන් ඇමතිධූර 5 ක් වෙනස් කරන්නට යාම වෙනුවට 3 ක් පමණක් දිවුරුම් දී අනෙක්වා කල් දමා ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
විමල් වීරවංශ හා උදය ගම්මංපිල යන අයගේ ඇමති ධූර පිළිවෙලින් දිනේෂ් ගුණවර්ධන හා ගාමිණී ලොකුගේට ලබාදෙන්නට ගියත් දිනේෂ් ඊට අකමැතිවී තිබේ.
මේ හේතුවෙන් දිනේෂ්ගේ මාරුව අනුව හිස්වන අධ්‍යාපන ඇමති පුටුවට එස්බී දිසානායක පත්කරන්නට යාමද වෙනස් කර එස්බීට කර්මාන්ත ඇමතිකම ටිකකට පසුව දී ඇත.
මෙම වෙනස්කම් හුදු දේශපාලන හේතු මත මිස සුදුසුකම් හෝ එම ධූර දරන්නට ඇති හැකියාව පදනම් කරගත් ඒවා නොවන බව බැලුබැල්මට පෙනෙන්නට තිබේ.
ඊයේ පැවැත්වූ 'මුළු රට හරිමගට' දේශපාලන රැස්වීමේදී විමල් දරුණු ලෙස බැසිල්ව විවේචනය කිරීම මෙම පෙරළියට හේතුවූ අතර එම කතා පැවැත්වූයේද මෙවන් ප්‍රත්ඵලයක් අපේක්සාවෙන් බවට විමල් පාර්ශ්වයෙන් ආරංචි ලැබෙමින් පවතී.
ඉදිරියේදී පිහිටවන්නට යන සංධානයකට විමල් ඇතුළු පිරිස කතිකාකරගත් බවත් මෙම වෙනස අපේක්ෂා කළ බවත් ආරංචි ලබාදී ඇත.
මේ අතර මෙම කන්ඩායමට එක්වන්නට නියමිතව සිටින ඇමති වාසුදේව නානායක්කාරද සිය ජලසම්පාදන ඇමති ධූරයෙන් අද රාත්‍රී ඉවත්වනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval