The-price-of-a-liter-of-coconut-oil-exceeds-800-rupees

පොල්තෙල් ලීටරයක මිල රුපියල් 800 ඉක්මවා යමින් තිබෙන බවත්, ඉදිරි උත්සව සමය වනවිට මෙම මුදල රුපියල් 1,000කට ආසන්න අගයක් ගත හැකි බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.මේ නිසා ජනතාව පත්ව සිටින අපහසුතාවලින් මුදාගැනීම සඳහා පිරිපහදු නොකළ ආනයනික පොල්තෙල් මත යොදා තිබෙන බදු මුදල කෙටිකාලයකට ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.

මීට පෙර අවස්ථාවල පොල්තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගියේ පොල් ගෙඩියක මිල ඉහළ යාමට සාපේක්‍ෂව බවත්, එහෙත් මෙවර පොල් ගෙඩියක මිල ඉහළ නොගියත් පොල්තෙල් මිල විශාල ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.මේ නිසා පොල්තෙල් මිල ඉහළ යාමට සාපේක්‍ෂව

පොල් ගෙඩියක් මිලත් ඉහළ යාමේ අවදානමක් ඇති වී තිබෙන බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් ජනතාව අසරණ තත්ත්වයකට පත් වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

දේශීය පොල්තෙල් කර්මාන්තය රැකගැනීම සඳහා ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් . කිලෝවක් සඳහා රුපියල් 125ක බදු මුදලක් ද යොදා තිබෙන බවත්, මේ නිසා කෙටිකාලයකට අදාළ බදු මුදල ඉවත් කර පොල්තෙල් මිල පාලනය කළ යුතු බවත් හෙතෙම පවසා මෙරට සිටින ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් කෙටිකාලයක් තුළ පොල්තෙල් මිල විශාල ලෙස ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බවත්,

මෙය කෘත්‍රිමව සිදුකළ ක්‍රියාවක් බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. මෙම පිරිපහදු නොකළ පොල්තෙල් පිරිපහදු කිර්ම සඳහා රට තුළ කර්මාන්තශාලා තිබෙන බවත්, පීහදු කළ පොල්තෙල් විදේශවලින් ගෙවීමට වඩා අඩු මුදලකට පිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙන්විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.-