Russian-President-Vladimir-Putin-will-be-king-of-the-world-Baba-Vanga

ලොව සිදු වූ ආසන්නතම සිදුවීම වන රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇතුළුව තවත් ප්‍රධාන පෙළේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවැකි කියූ බාබා වැන්ගාගේ එම අනාවැකි අතර රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින් ”ලෝකයේම රජු බවට පත්වීමේ අනාවැකියක්ද ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.වයස අවුරුදු 84දී එනම් 1996 වසරේදී ඇය මරණයට පත්වන වන විට විවිධ කාලවකවානුවලට අනුව ලෝකය තුළි සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කර තිබුණි. කුඩාකල සිටම දෑස් නොපෙනෙමින් සිටියදීත් ඇය මෙම අනාවැකි කීමත් විශේෂත්වයක් විය.ඒ අනුව පසුගිය මාසයේදී ආරම්භ වුහු රුසියාවේ යුක්රේන ආක්‍රමණිය සම්බන්ධයෙන්ද ඇය 1979 වසරේදී පවසා තිබූ අතර, රුසියානු ජනාධිපති පූටින් ලෝකයේම රජු බවට පත්වන්නේ මෙම යුද්ධයෙන් අනතුරුව බවත් ඇය සඳහන් කර තිබේ.



"ජනපති පූටින්ගේ ප්‍රතිභාව තවත් වර්ධනය වෙනවා. ඒ හා සමාන වීමට කිසිවෙකුටත් නොහැකියි. රුසියාව නැවැත්වීමට කාටවත් අවස්ථාවක් නැහැ. පූටින් දිලෙනවා, රුසියාව දිලෙනවා. ඔහු විසින් සියල්ලන්ම ඉවත් කර දමාවි. කිසිවක් ඉතිරි නොවේවි. ඉතිරි වන්නේ රුසියාව ලෝකයේම අග්‍රස්ථානයට පත්වීමෙනුයි. "
ඇය පවසා ඇත.

මේ අතර ඇය විසින් තෙවැනි ලෝක යුද්ධයක් සම්බන්ධයෙන්ද අනාවැකියක් පළකර තිබෙන අතර, එහිදී බොහෝ විට න්‍යෂ්ටික අවි යොදාගැනීමේ අවදානමක් පවතින බවත් ඇය සදහන් කර ඇත. මෙම අනාවැකිවලට අමතරව ඇය විසින් සිදුකළ අනෙකුත් අනාවරණ අතර 2001 සැප්තැම්බර් 11දා එක්සත් ජනපදයේ ලෝක වෙළද මධ්‍යස්ථානට එල්ල වූ ප්‍රහාරයද වෙයි. 1989 දී ඇය ඒ පිළිබදව කියූ අතර,

"විනාශයක්, විනාශයක්, යකඩ කුරුල්ලන්ගෙන් එල්ල වන ප්‍රහාරයක් නිසා ඇමරිකාව වඩා වටේවී” යනුවෙන් ඇය එහිදී පවසා තිබුණි. එසේම ඇය විසින් 1986 වසරේදී සිදුවූ එතෙක් මෙතෙක් ලොව හටගත් දරුණුතම න්‍යෂ්ටික විනාශය ලෙස සැලකෙන යුක්රේනයේ චර්ගනොබිල් විනාශය සම්බන්ධයෙන්ද අනාවැකි පළකර තිබුණි. එසේම 1997 වසරේදී සිදුවූ ඩයනා කුමරියගේ මරණය සම්බන්ධයෙන්ද ඇය අනාවැකි කියා තිබේ මීට අමතරව 2020 වසරේ පටන් ලොව පුරා පැතිරී පවතින කොරෝනා වසාගතය පිළිබදවද අය අනාවැකි පවසා ඇති අතර, "කොරෝනාව අප සියලු දෙනාම අභිභවා යනු ඇත” යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබුණි. විදෙස් මාධ්‍ය සදහන් කරන  ආකාරයට බාබා වැන්ගා පිළිබදව ලොව පුරා කතාබහ ඉහළ ගොස් ඇත්තේ 2000 වසරේදී සිදුවන බවට ඇය විසින් ප්‍රකාශ කළ Kursk සබ්මැරීන අනතුරයි.

"Kursk සබ්මැරිනය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවේවී - ලෝකයම මේ ගැන කම්පා වේවි." ඇය පවසා තිබුණි. බාබා වැන්ගාගේ අනුගාමිකයන්ට අනුව ඇගේ අනාවැකි අතරින් 85%ක්ම නිවැරදිය.

එහෙත් විශේෂඥයන්ට අනුව ඇගේ අනාවැකි අතරින් නිවැරදි වන්නේ 68%ක ප්‍රතිශතයකි. යුරෝපයේ පිහිටි වර්තමානයේදී මැසිඩෝනියාව ලෙස හැදිවන රාජ්‍යයේ ගම්මානයක් බාබා වැන්ගා උපන් ස්ථානය ලෙස සදහන්ව තිබේ. ඇය උපතින්ම දැස් නොපෙනෙන තැනැත්තියක් නොවෙයි. එහෙත් තරුණ වියේදී ඇය සුලි කුණාටුවකට මරදිව ඇති අතර, අතුරුදන්ව සිටි ඇයව සොයාගෙන ඇත්තේ දින කිහිපයකට පසුවය. එසේම එහිදී ඇතිවූ තුවාල හේතුවෙන් ඇය අන්ධභාවයට පත්ව සිට යළිත් ගම්මානයේ වැසියන් හා මුසුවීමෙන් අනතුරුව ඇය විවිධ අවස්ථාවලදී අනාවැකි පළකර තිබේ. ඒවා අතරින් කිහිපයක් නිවැරදි වී ඇති අතර,

ඒ සමගම ඇය පිළිබදව රට පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ අනුව මෙම අනතුරත් සමග ඇයට තවත් දෙවැනි දැක්මක් හිමිව ඇති බවත්, එම හැකියාව යොදා ගනිමින් ඇය මෙලස අනාවැකි පැවසූ බවත් බොහෝ දෙනාගේ අදහස විය. අනතුරුව බාධා වැන්ගි දෑස්  නොපෙනී අනාවැකි කියන්නියක ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූවාය.