Credit-letter-problem-fixed-Litro-gas-distribution-begins

ණයවර ලිපි ගැටළුව මේ වන විට නිරාකරණය කර ඇති බැවින් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම අද සිට යථා තත්ත්වයට පත්කරන බව එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සදහන් කරයි.

ණයවර ලිපි විවෘත නොකිරීම හේතුවෙන් ඇති වූ දුෂ්කරතා මත ගෑස් හිඟයක් ඇති වූවත් ඊයේ රාත්‍රියේ අදාල අංශ සමඟ කළ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාලව ණයවර ලිපි නිකුත් කිරීමට එකඟ වූ බවද ඔහු පවසයි.



මේ වන විට දිවයිනට ළගාවී ඇති නෞකා දෙකේ ගෑස් තොග ගොඩබෑම ආරම්භකරන බවත් සිලින්ඩර් 80,000ක් දෛනිකව වෙළද පොළ නිකුත් කිරීමට සැළසුම්කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බවද ලිට්‍රෝ සමාගම පවසයි.



තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ සිට ගෑස් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

දින ගණනාවක සිට කෙරවළපිටිය හැඳල මුහුදු තීරයේ මෙම නෞකා නැංගුරම්ලා තිබුණේ ඊට අදාළ ගෙවීම් කටයුතු පිළිබඳ ගැටලුවක් හේතුවෙනි.

කෙසේවෙතත් එය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අදාළ ගෑස් නෞකා නිදහස් කර ගත් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය..