
මේවනවිට පැවැත්වෙමින් තිබෙන 2022 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ කිංග් රිචඩ් චිත්‍රපටයේ රංගනයෙන් එක්වූ ප්‍රකට නළු විල් ස්මිත්ය.
මෙම සම්මානය ලබාගන්නට පෙර වේදිකාවේ සම්මාන උලෙල ඉදිරිපත් කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ගේ මුහුණට පහරක් එල්ල කරන්නට නරඹන්නන් අතරින් නැගිට ගොස් ස්මිත් කටයුතු කළේය.තම බිරිඳගේ පෙනුම ගැන විහිළුවක් කළ විකට නළුවාට හොඳම නළුවාගේ නාමයෝජනා ලද විල් ස්මිත්, මුහුණට විවෘත අතකින් පහර දීම සිදු කළේ Smith ගේ බිරිඳ Jada Pinkett Smith ගේ කොණ්ඩා මෝස්තරය ගැන කළ විහිළුව නිසාය. වේදිකාව මත ඇවිද ගොස් රොක්ට පහර දුන්නේ පිටපතකට අනුව බවට පෙනී යන්නේ යයි මාධ්‍ය සඳහන් කළ නමුත් මොහොතකට පසු ස්මිත් නැවත සිය අසුනේ සිටිද්දී, ''Keep my wife's name out of your f*cking mouth'' යැයි කෑගැසූ බැවින් එය විහිළුවක් නොවන බව ඇතැමුන් අදහස් පළ කර තිබේ.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval