ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
ෙ ඉන්ධන ප්‍රවාහනයට අදාළව ඔවුන් ඉල්ලා සිටි ගාස්තු වැඩවීම ලබා නොදීම මත මෙම තීරණයට එළැඹ තිබේ.
රජය ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ අවම වශයෙන් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ලබාදෙන ලෙස ඉල්ලා එම සංගමය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කර තිබු අතර ඊට ප්‍රතිචාර ලැබී ඇත්තේ
ඩීසල් මිල වැඩිවීම පමණක් සැලකිල්ලට ගෙන අදාළ ගාස්තු වැඩිකිරීම සළකා බලන බවයි.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ ඩීසල් වැඩි වීමට අමතරව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළයාමද සලකා බලා තමන්ගේ ගාස්තු සංශෝධනය කරන ලෙසයි.
ඊට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතමැතිවීම නිසා මෙම පියවර එළැඹ තිබේ.
මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ සිදුකරන්නේ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයට අයත් බවුසර්වලිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval