Former-Secretary-and-former-Treasurer-in-Mahinda-Galle-due-to-a-financial-transaction

නඩුවක නීතිඥ ගාස්තු ගෙවීමට බව පවසා ගාල්ල මහින්ද විදුහලේ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමෙන් රුපියල් ලක්ෂ විසිදෙකක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද ආදිශිෂ්‍ය සංගමයේ හිටපු සමලේකම් සහ හිටපු භාණ්ඩාගාරික දෙදෙනා එක් අයෙකු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා (28) නියෝග කළේය. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා

සෑම මසකම අවසන් ඉරුදින ගාල්ල පොලීසියට වාර්තා කරන ලෙසටත් නියම කළේය.

මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ, ආදිශිෂ්‍ය සංගමයේ හිටපු සමලේකම් බුද්ධික නිරෝෂණ උක්වත්ත සහ හිටපු භාණ්ඩාගාරික ප්‍රදීප් චන්දන ගොඩකන්ද නමැත්තන්ය.මහින්ද විදුහලේ ආදිශිෂ්‍ය සංගමයේ හිටපු භාණ්ඩාගාරික සහ හිටපු සමලේකම්වරයා ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමෙන් රුපියල් ලක්ෂ විසි දෙකක් වංචා කර ඇති බවට ආදිශිෂ්‍ය සංගමයේ වත්මන් භාණ්ඩාගාරික අබේසිංහ කොඩිප්පිලි මහවිදාන මුහන්දිරන්ගේ දිලාන් නිරෝෂන් යන අය විසින් ගාල්ල පොලීසියේ විශේෂ වංචා විමර්ශන අංශයට පසුගිය ජනවාරි 21 වැනිදා පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය ජනවාරි 28 වන දින අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉල්ලා සිටියේ, විදුහල්පතින්ගෙන්ද අතිරේක සභාපතින්ගෙන්ද සමලේකම්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවත්,

තවදුරටත් විමර්ශන කටයුතු කරගෙන යන නිසා පැමිණිල්ලට අදාළ බැ

ංකු ගිණුම් වාර්ත ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ සියලුම බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට නියෝගයක්ද නිකුත් කළේය. පොලීසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පවසා සිටියේ, ආදිශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වසර ගණනාවක් තිස්සේ මහා සභා රැස්වීම නොපැවැත්වීම සම්බන්ධයෙන් ගාල්ල දිසා අධිකරණයේ පවරන ලද නඩුවක නීතිඥ ගාස්තු ගෙවීමට බව පවසා ව්‍යවස්ථාවට පටහැණිව විධායක සභාවේ අවසරයකින් තොරව රුපියල් ලක්ෂ විසිදෙකක් ගෙන ඇති බවය.

චෙක්පත කාන්තාවකගේ ගිණුමට බැර කොට මාරු කරගෙන ඇති බවත් එම කාන්තාවගෙන් ප්‍රශ්න කළ විට එය තම සැමියා ගෙනැවිත් දුන් බව පැවසූ බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.ගාල්ල පොලීසියේ විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පක්‍ෂක ඒ.එස්.එල්. නාරංගොඩ මහතාගේ උපදෙස් පරීදි පොලිස් පරික්‍ෂක මුදත් සහ සැරයන් ප්‍රේමකුමාර (28968) යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී. මේ පිළිබඳ වැඩිදුර නඩු විභාගය ජුනි 23වැනිදා කල් තබන ලදී.


(රවිඳු දියගහගේ)