කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835කින් ඉහළ දැමීමට අවසර ඉල්ලා ලිට්‍රො ගෑස් සමාගම රජයට අයදුමක් යොමු කර ඇතැයි වාර්තාවේ.
එහි කරුණු දක්වා ඇත් පරිදි ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාමට සමගාමීව ගෑස් මිල ඉහළදමා දෙන ලෙස දන්වා ඇත.
රුපියල් 2675ක සිලින්ඩරයක් රුපියල් 3510කට වැඩි කළ යුතු බවත් නැතිනම් ‘පාඩු පිට බිස්නස්‘ කළ නොහැති බවත් එහි විස්තර කර තිබේ.
මේ වන විටත් වෙළඳපොළේ අධික ගෑස් හිඟය නිසා ගෑස් සිලින්ඩර කලු කඩ මිළ ගණන් යටතේ අලෙවි වන අතර ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෑස් තොග ලබාගෙන වැඩිමිලට අලෙවි කරන ජාවාරම්ද ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබේ.
රජය අදාළ ඉල්ලීමට අවසර දුනහොත් රුපියල් 835 වැනි ඉහළ මිලකින් එකවර ගෑස් මිල වැඩිවන්නේ පළමු වතාවටය.
Comments
Post a Comment
Your comment will be visible after approval